ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.
මැණික් ගලක් සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනයේදී නීතිවිරෝධී ලෙස ක්‍රියා කරමින් සාක්ෂිකරුවන් හා සැකකරුවන්ට අයත් මුදල් බලෙන් ලබාගෙන විමර්ශන කටයුතු සඳහා ඉදිරිපත් නොකිරීමේ චෝදනාවකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අසාධාරණයට පත් පුද්ගලයන් දෙදෙනා විසින් ඇහැලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් පරීක්ෂකවරයෙක්ට විරුද්ධව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
