colombotimes.lk
සිංහල | English

01 May 2024

නිදහස් පක්ෂ අර්බුදය ගැන මැතිවරණ කොමිසම් සාකච්ඡාව අද



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් අද (18) සාකච්ඡා කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ පක්ෂයේ දෙපිරිසක් විසින් මේ වන විට තමා වෙත යොමුකර ඇති සියලු ලිපිලේඛන කොමිසම හමුවට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව එම ලිපිලේඛන අධ්‍යනය කිරීමෙන් පසු පවතින තත්වය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසුවේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදුවිය යුතු බවට මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි.
(colombotimes.lk)