01 July 2025

logo

මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයන්ට දැනුම්දීමක්



මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොලැබුණද ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් අනන්‍යතාව තහවුරු කරන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිතා කිරීමට හැකි බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක කියා සිටියේ ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පූජ්‍ය / පූජක හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිසම නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත, මැතිවරණ කොමිසම අනෙකුත් පුද්ගලයන්ට නිකුත් කර තිබෙන තාවකාලික හැඳුනුම්පත ඒ සඳහා භාවිතා කළ හැකි බවයි.

(colombotimes.lk)