18 April 2025


මැතිවරණයට ඇප තැන්පත් කිරීම අදින් අවසන්



පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (19) දහවල් 12න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
 
එම කොමිසම වැඩිදුරටත් කියා සිටියේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලදී ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි.

මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම පසුගිය 03වනදා ආරම්භ කළා.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ  නාමයෝජනා භාර ගැනීම හෙට දහවල් 12න් අවසන් වීමට නියමිතයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී එම කටයුතු සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)