විදුලි බිල අඩු වන දිනය මෙන්න



එළඹෙන 16 වනදා සිට විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව ඔහු කියා සිටියේ විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
 
මේ සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමසීම ලබන 08 වනදා සිදු කිරීමට නියමිතයි.
(colombotimes.lk)