02 May 2026

logo

දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල ලාංකිකයින් ගෙවයි



දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල ශ්‍රී ලාංකිකයින් ගෙවන බව Verite Research ආයතනය පවසනවා.

ඒ, 2023 දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු සහ අනෙකුත් දකුණු ආසියාතික රටවල විදුලි ගාස්තු සංසන්දනය කර සිදුකරන ලද විශ්ලේෂණයකින් අනතුරුවයි.

එම විශ්ලේෂණයට අනුව කරුණු 2ක් පිළිබඳව හෙළිවී තිබෙනවා.

එම කරුණු වන්නේ,

1) ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියාතික රටවලට සාපේක්ෂව වැඩිම ගෘහස්ත විදුලි පිරිවැයක් දැරීම.

2) ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියාතික රටවල කුටුම්භවලට සාපේක්ෂව සාමාන්‍ය විදුලි පිරිවැයට වඩා 2.5 සිට 3 ගුණයකින් වැඩි මුදලක් ගෙවයි.

නමුත් 2024 පෙබරවාරි මාසයේදී තීරුබදු අඩු කිරීමක් සැලසුම් කර ඇති බැවින් විදුලි බිල 4% හෝ ඊට අඩු පිරිවැයකින් අඩු වනු ඇති බවයි එම ආයතනය පැවසුවේ.
(colombotimes.lk)