ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 04කට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව විදුලිබල මණ්ඩල සේවක සංගම් පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු අනෙකුත් සංගම් තීරණය කළේ පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර තුනක් ලෙස සිදු කිරීමයි.
ඒ අනුව එහි පළමු අදියර ලෙස අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කළේ පසුගිය 4වනදා ආරම්භ කළ වර්ජනය සඳහා අදට දින 11ක් ගතවුවද මෙතෙක් බලධාරීන් සිය ගැටලුවලට විසදුම් ලබාදීමට අපොහොසත් වී ඇති බවයි.
අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීම සම්බන්ධයෙන් අද (15) පස්වරුවේ පැවැත්වෙන වෘත්තීය සංගම් සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශ කරන බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)