පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (15) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
වසර 60කට පසුව මෙම මධ්‍යම බස් නැවතුම්පළ නවීකරණය සිදු කරන බවයි වාර්තා වන්නේ.
ගුවන් හමුදාව විසින් සිදු කරන එහි නවීකරණ සහ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 425ක් වනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ සඳහන් කළේ මාස 8ක කාලයක් එහි නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි.
මෙම නවීකරණ ව්‍යාපෘතිය ලබන වසරේ නිම කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)