18 May 2025


විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය උපයෝගීතා කොමිසමට



2025 ජුනි සිට දෙසැම්බර් දක්වා වූ කාල සිමාව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ජුනි මාසයේ පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි 18.3%කින් විදුලි ගාස්තු ඉහළ නැංවිමක් සිදුකළ යුතු බවට යෝජනා කරමින්.

විදුලිබල මණ්ඩලයට සිදුව ඇති මූල්‍ය පාඩුව සැළකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය යෝජනා කරන බව අදාළ යෝජනාවලියෙන් ඔවුන් දැනුම් දී තිබෙනවා.

එම මණ්ඩලය සඳහන් කළේ පසුගිය ජනවාරි මාසයේ මහජන උපයෝගිතා කොමිශන් සභාව විසින් විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමකින් තොරව විදුලි ගාස්තු 20%කින් පහළ දැමීමට ගත් පියවර විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් පාඩු ලැබීමට හේතුවූ බවයි.

 
(colombotimes.lk)