විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය කිසිදු අවධානයක් මේ දක්වා යොමුකර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 04කට වෙන් කිරීමට එරෙහිව පසුගියදා ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ පළමු අදියර මෙම මස 15වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් රජයේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ එහි ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කළා.
(colombotimes.lk)