colombotimes.lk
සිංහල | English

28 April 2024

විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ළඟදීම



විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත ඉදිරියේදී සම්මත කිරීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මීට අමතරව, ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇති අතර එය කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් සළකා බලමින් පවතින බව ඔහු සඳහන් කළා.

'ස්ථාවර දේශයකට සාමූහික මාවතක්' යන තේමාව යටතේ ඊයේ (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළා.
(colombotimes.lk)