දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ඇනහිට තිබූ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය අද (07) සිට යළි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (07) සිට සෑම බදාදා දිනකම අඹේවෙල සිට බදුල්ල දක්වා ඇල්ල ඔඩිසි දුම්රිය ධාවනය කරන බවයි.
ඒ අනුව ඇල්ල ඔඩිසි දුම්රිය ගමන් වාරයක් බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.45ට ගමන් ආරම්භ කර පෙරවරු 10.58ට අඹේවෙල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බව දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම ඇල්ල ඔඩිසි අනෙක් දුම්රිය ගමන්වාරය අඹේවෙල සිට පස්වරු 1.30ට ගමන් ආරම්භ කර පස්වරු 4.15ට බදුල්ල දුම්රිය ස්ථානය වෙත ළඟා වන බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)
