11 January 2026

logo

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සනත් ප්‍රියන්තට



ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වූ සභාපති ධූරය සඳහා සනත් ප්‍රියන්ත සුමනසිරි නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී රවින්ද්‍ර විජය කුමාර විසින්.

පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයට එහි බලය හිමි වුණා.

ඒ අනුව එහි සභාපති ධූරයට එම පක්ෂයේ නිශාන්ත පෙරේරා පත් කිරීමට තීරණය කළා.

කෙසේ වෙතත් පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති ධූරය පුරප්පාඩු වුණා.



(colombotimes.lk)