27 January 2026

logo

අවසන් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට - වනිඳු කණ්ඩායමට



සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මෙහිදී පළමු තරග 2 තුළදී විවේක ගැන්වූ වනිඳු හසරංග කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

පැතුම් නිස්සංක
කමිල් මිෂාර
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
පවන් රත්නායක
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩර්සේ
අසිත ප්‍රනාන්දු

(colombotimes.lk)