06 July 2025

logo

කේරළ සමුද්‍ර තීරයේ අනතුරට පත් නෞකාව ගැන පරිසර අමාත්‍යාංශයෙන් අනාවරණයක්



කේරළ සමුද්‍ර තීරයේදී පසුගියදා අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබී ඇති බව අනාවරණය වී තිබෙනවා. 

පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අර්. එච්. එම්. බී. අබේකොන් සඳහන් කළේ එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වන විට මෙරට වෙරළ තීරයන්ට ගොඩගසා ඇති බවයි. 

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම නෞකාවේ තිබෙන ද්‍රව්‍යයන් මෙරට වෙරළ තීරයට ගොඩගැසීම තවදුරටත්  ඉහළ යාහැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)