ලෙබනනයේ නගර රැසක ජනතාවට ඉන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම්දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෙබනනයේ නගර 50කට අධික ප්‍රමාණයක සිටින ජනතාවට මෙලෙස ඉවත්වීමට දන්වා තිබෙන බවයි.
එම පිරිසට අදාළ නගරවලින් අවම වශයෙන් මීටර් 1,000ක් හෝ දුරින් සිටින ලෙස ඊශ්‍රායලය දැනුම් දී තිබෙනවා.
ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරය සහ කමේනි ඝාතනයත් සමඟින් හිස්බුල්ලා සංවිධානය ඊට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලය දෙසට මිසයිල සහ ඩ්‍රෝන යානා දියත් කිරීමෙන් පසු ඊශ්‍රායලය හිස්බුල්ලා පාලනයේ පවතින ටේරුට්හී දකුණු තදාසන්න ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාරද එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
