06 July 2025

logo

හිටපු ඇමති ලොහාන්ගේ ඇප ඉල්ලීම කල් යයි



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇපමත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පෙත්සම අද (11) සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)