කැකිරාව රජයේ තානායමේ යමුළුතැන්ගෙයි අද (19) උදෑසන යම්කිසි පිපිරීමක් සිදු වී තිබෙනවා.
එම පිපිරීමෙන් එහි සිටි පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
කැකිරාව පොලීසිය සඳහන් කළේ අදාළ පිපිරීමෙන් එහි වහලයට සහ ගෘහ උපකරණවලට දැඩි හානි සිදු වී ඇති අතර අදාළ පිපිරීම කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
(colombotimes.lk)
