13 March 2025


වේගපන්දු යවන ක්‍රීඩක Frank Mison අභාවප්‍රාප්ත වෙයි



ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක Frank Mison අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු අභාවප්‍රාප්ත වන විට 85 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.

මිසන් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 1960- 61 දේශීය තරඟාවලි සහ 1961 අළු බඳුන එංගලන්ත සංචාරය හරහා ටෙස්ට් තරඟ පහක් ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේවෙතත් අබාධයක් හේතුවෙන් ඔහුගේ ටෙස්ට් දිවිය කෙටි වුණා.
 
ඔහු මෙල්බර්න්හිදී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 58කට කඩුලු 4 ක් ඇතුළුව 38.50ට කඩුලු 16 ක් දවා ගෙන තිබෙනවා.

(colombotimes.lk)