17 October 2025

logo

මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



අනුරාධපුරේ සිට පාදෙණිය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගයේ පදික මාරුව හරහා ගමන් කළ පුද්ගලයෙක්ගේ ගැටීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මහව පොලිස් වසමේ අනුරාධපුරය පාදෙණිය මාර්ගයේ හන්දියේදීයි.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා අඹන්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 71ක් වන කද්දෙහුව අඹන්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අනතුරට සම්බන්ධව වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

 

(colombotimes.lk)