ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ කාන්තාකගේ ඇඟේ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදීයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගාල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 77ක් වූ බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුව රත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)