20 May 2026

logo

මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



අලුත්ගම බස් නැවතුම්පොළ තුළදී පුද්ගලික බස් රථයකට මගීන් බස්සවා අවසන් වී නැවත ධාවනය කිරීමට උත්සහ කිරීමේදී පුද්ගලයෙක් බස් රථයේ ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ අලුත්ගම බස් නැවතුම්පොළ තුළදීයි.

එම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා සීනවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 91ක් වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අලුත්ගම පොලීසිය සඳහන් කළේ අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)