25 May 2026

logo

මාරක අනතුරක් - පුද්ගලයෙක් ජීවිතක්ෂයට



යතුරුපැදියක් කාර් රථයක ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ බණ්ඩාරවෙල ත්‍රීමාල් මාර්ගයේ උතුරුකැබිල්ලවෙල ප්‍රදේශයේදීයි. 

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වන මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

(colombotimes.lk)