20 May 2026

logo

මාරක අනතුරක් - පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට



යතුරුපැදියක් පෙරළී මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයකට යටවීමෙන් මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ අම්බලන්තොට උඩ බැරගම මාර්ගයේදීයි.

එම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 16ක් වන පාසල් සිසුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

(colombotimes.lk)