ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වු සිමෙන්ති පටවන ලද ලොරි රථයක ගැටී ඊයේ (11) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 54.9 කිලෝමීටර් කණුව ආසන්නයේදීයි.
එම අනතුරින් පසුපස ගමන් ගත් ලොරි රථයේ රියදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 62ක් සහ 64ක් වන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන්.
(colombotimes.lk)
