17 October 2025

logo

පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක්



පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසනවා. 

එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා සඳහන් කළේ බස්නාහිර පළාත තුළින් දරුවන් වැඩි වශයෙන් පරිවාස ගතවීම් සිදුවන බවයි. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)