මේ වසරේ අවසන් කාර්තුව වන විට රටේ ආර්ථික වර්ධනය ධනවත් අගයක් වනු ඇති බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පස්වරුවේ දෙහිඕවි ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විවිධ අනාවැකි පළ කළද එම අනාවැකි ඉක්මවා මෙරට ආර්ථිකය මෙහෙයවීමට පසුගිය වසරේ තමන්ට හැකි වූ බවයි.
ලෝක බැංකු අනාවැකි පවසන්නේ රටේ ආර්ථික වර්ධන වේගය 4.2 ට පවතින බවයි.
මේ වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව මේ වසරේ රටේ ආර්ථික වර්ධන වේගය 3.0ක් වනු ඇති.
එසේම මහ බැංකු අනාවැකිවලට අනුව රටේ ආර්ථික වර්ධනය 2-3 අතර අගයක් ගන්නවා.
කෙසේ වෙතත් ජාතික නිෂ්පාදනයට එකතු කර තම පරිමාව වැඩි කර ගැනීමට සියලු දෙනා අදිටන් කර ගත යුතු බවත්, ඒ අනුව මේ වසරේ අවසන් කාර්තුව වන විට රටේ ආර්ථික වර්ධන වේගය ධනවත් අගයක් වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.
(colombotimes.lk)