රජයේ රෝහල් 15ක් සඳහා අතිනවීන ආසාදිත අපද්‍රව්‍ය 1000ක යන්ත්‍ර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
මේ යටතේ වන පළමු යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (05) ත්‍රිකුණාමලය රෝහලේදී විවෘත කිරීමට නියමිතයි.
මෙම යන්ත්‍රයෙන් පැයකට ආසාදිත අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 162ක් දහනය කිරීමේ හැකියාව පවතිනවා.
එවැනි යන්ත්‍ර 05ක් සහ පැයකට ආසාදිත අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 58ක් දහනය කළ හැකි යන්ත්‍ර 10ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.
ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ජයිකා ව්‍යාපෘතිය යටතේ රත්නපුර, කුරුණෑගල, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, හම්බන්තොට, මන්නාරම, කිලිනොච්චි, රිකිල්ලගස්කඩ, මහියංගනය, පුත්තලම, මීරිගම, මැදිරිගිරිය, වැලිකන්ද සහ නාකුළුගමුව යන රෝහල්වලට ද මෙම අතිනවීන යන්ත්‍ර ස්ථාපනය කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)