30 May 2026

logo

මොරටුව ප්‍රදේශයේ වඩු මඩුවක ගින්නක්



මොරටුව ගාලු පාර කොරලවැල්ල ප්‍රදේශයේ වඩු මඩුවක අද (26) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ වඩු මඩුවෙන් ඇතිවූ ගින්න පැතිරී ඊට යාබදව තිබූ නිවසක්ද මේ හේතුවෙන් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

එම ගින්නෙන් දේපලවලට පමණක් හානි සිදුවී ඇති අතර ජීවිත හානි හෝ තුවාල හානි කිසිවක් නොමැති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් වඩු මඩුව පුරා සහ නිවාස පුරා ගින්න පැතිරී ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

ගින්න ඇතිවීමට හේතුව විදුලි කාන්දුවක්ද වෙනයම් හේතුවක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

 (colombotimes.lk)