16 September 2025

logo

ප්‍රංශයේ තුන්වන දිනටත් ගිනි ඇවිලෙයි (PHOTOS)



ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමඟ මෙම තත්ත්වය හටගත්තා. 
 
ප්‍රංශයේ නගර රැසක ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් 200කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්. 
 
තත්ත්වය පාලනය කිරීම සදහා 40,000ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් යොදවා ඇති අතර විරෝධතාකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 
 
විරෝධතාකරුවන් විසින් දේපලවලට හානි කර ඇති අතර මෝටර් රථ 40ක් පමණ ගිනි තබා විනාශ කර ඇති බවට වාර්තා පළවනවා.
(colombotimes.lk)