ප්‍රංශයේ ගිනිකෙළි විකිණීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම තහනම් කර තිබෙනවා
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අදාළ තහනම ජූලි 15 වනදා සිට ක්‍රියාත්මක බවයි.
ප්‍රංශයේ ජාතික දිනය ජූලි 14 වැනිදාට යෙදී ඇති අතර එරට තුළ මහජන සාමයට බරපතල බාධා ඇතිවීමේ අවදානම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, පළාත් පාලන ආයතන විසින් සංවිධානය කරනු ලබන නිල ගිනිකෙළි සංදර්ශන සඳහා මෙම තහනම අදාළ නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)