12 July 2025

logo

තවදුරටත් මුහුදු නොයන ලෙස ධීවරයන්ට දැනුම්දෙයි



පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට තවදුරටත් දැනුම්දී තිබෙනවා. 
 
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 65ක් දක්වා ඉහළ යා හැකි බවයි. 
 
එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශවල රළ මීටර 2.5ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළයාමේ හැකියාව පවතිනවා. 
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි.

(colombotimes.lk)