08 October 2025

logo

බ්‍රසීල ජනපති සහ ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්



බ්‍රසීල ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරටේ නායකයන් අතර ඉතා මිත්‍රශීලීව මිනිත්තු 30ක පමණ කාලයක් දුරකථන සංවාදය සිදුවී ඇති බවයි. 

මෙහිදී තම රටේ නිෂ්පාදන සඳහා පනවා ඇති තීරුබදු සහ නිලධාරීන්ට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස බ්‍රසීල ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපතිවරයා මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් ද තබා තිබෙන බවයි. 

ඉදිරියේදී දෙරටේ නායකයක් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට ද මෙම දුරකථන සංවාදයේදී එකඟතාව පළ කර තිබෙනවා. 

(colombotimes.lk)