20 January 2026

logo

භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙක්ට



2025 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඇමරිකානු ජාතික විද්‍යාඥයන් තිදෙනාට ප්‍රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව අද (07) නිවේදනය කර තිබෙනවා. 

එම ත්‍යාගය ජෝන් ක්ලාක්, මයිකල් එච්. ඩෙවොරෙට් සහ ජෝන් එම්. මාර්ටිනිස් යන විද්‍යාඥයන් හිමි කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ සොයාගැනීම් සඳහා මෙම විද්‍යාඥයන් තිදෙනාට නොබෙල් ත්‍යාගය ලබාදීමට තීරණය කළ බව නොබෙල් ත්‍යාග කමිටුව අද (07) ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවති උත්සවයකදී මේ බව ප්‍රකාශ කළා. 


(colombotimes.lk)