 
                        ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථමවරට ඩොලර් 3,950 සීමාව පසු කර තිබෙනවා.
 
ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළේ අද (07) 'කැරට් 22' රන් පවුමක මිල රු.290,500ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 
පසුගිය සෙනසුරාදා එය සටහන් වුණේ රුපියල් 283,000ක් ලෙසයි. 
මේ අතර සෙනසුරාදා රුපියල් 306,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 314,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළා.
(colombotimes.lk)
 
 

