දඹුල්ල, රත්මල්ගහ ඇල කණිෂ්ඨ විද්‍යාලයේ 07ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් 07දෙනෙක් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ ද්‍රව්‍යයක් දිවෙහි ස්පර්ශ කිරීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන්.
පසුගිය නිවාඩු දිනවල එම විදුහලේ විද්‍යාගාරයට රිලවුන් පැන ඇති අතර අද (07) පාසල් ආරම්භයත් සමඟ සිසුන් එහි ගොස් පරීක්‍ෂා කිරීමේදී භාණ්ඩවලට හානි කර තිබූ ආකාරය දැක තිබෙනවා.
එම අවස්ථාවේදී විසිරී තිබූ යකඩ හඳුනාගන්නා රසායනික ද්‍රව්‍යයක් මිරිස් කුඩු යැයි සිතා ඔවුන් විසින් මෙලෙස පරීක්‍ෂා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව මෙම සිසුන් පිරිස රෝහල් ගතකර තිබෙනවා.
(colombotimes.lk)