කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක් කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (07) එම යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන යන පුද්ගලයන්ද සහභාගී වී තිබෙනවා.
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක ද එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)