08 October 2025

logo

ජනපති IMF නියෝජිතයන් හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (07) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
 
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 06වන වාරිකය ලබාදීමට පෙර පැවැත්වෙන පස්වැනි සමාලෝචනයේ මධ්‍යම අදියර වෙනුවෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා. 

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ආර්ථික වශයෙන් බංකොලොත් වී තිබූ රට ඉන් මුදා ගෙන සංවර්ධනය කරා රැගෙන යාම රජයේ ප්‍රධාන අරමුණක් බවත්,  ඒ සඳහා උපායමාර්ගික වැඩ පිළිවෙළක් රජයට පවතින බවයි. 

එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමේ ක්‍රියාවලියේදී  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන සහාය ඉතා අගය කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. 

(colombotimes.lk)