04 July 2025

logo

යුක්රේනයේ පුද්ගලයන් 05කට දිවි අහිමි වෙයි



රුසියාව විසින් යුක්රේනයට ඊයේ (21) එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 05දෙනෙක්  මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස මියගොස් ඇත්තේ යුක්රේනයේ ගිනිකොනදිග සැපෝර්ෂියා සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචිව සිටි අය බවයි.

එම නගරයට 10 වතාවකට වඩා ප්‍රහාර එල්ල වූ අතර දෙදෙනෙක් මිය ගොස් නව දෙනෙක් තුවාල ලබා ඇති බව සැපෝර්ෂියා ප්‍රාදේශීය ආණ්ඩුකාර අයිවන් ෆෙඩෝරොව් ටෙලිග්‍රෑම් පණිවිඩයක් තබමින් සඳහන් කළා.

(colombotimes.lk)