06 February 2025


කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 05ක් කොටුවෙයි



රුපියල් කෝටි 06කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්වල සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි.

ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 192ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය සහ යාපනය ප්‍රදේශයන්වල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)