ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් ගමන් නවතා තිබෙනවා.
ඒ, පවතින මීදුම් සහිත කාලගුණ තත්වය හේතුවෙන්.
ගුවන් යානා 100කට ආසන්න ප්‍රමාණයක් මේ කාලගුණ තත්ත්වය නිසා නවතා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
සිඩ්නි ගුවන්තොටුපළේ ගුවන් ධාවන පථ 2ක් තිබෙන බව ද සඳහන්.
නමුත් මෙම කාලගුණ තත්ත්වය මත එක් ගුවන් ධාවන පථයක් පමණක් භාවිතා කිරීමට ද ගුවන්තොටුපළ කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)