ශ්‍රී ලංකාවේ විශාල ගැටලුවක් බවට පත්ව ඇති අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා විද්‍යාත්මක විසඳුමක් ලෙස දේශීය නව අලි වැටක් නිර්මාණය කර තිබෙනවා.
ඒ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ඉංජිනේරුවන් විසින්.
මෙම අලි වැට නියමු වියාපෘතියක් ලෙස වීරවිල එළිමහන් කඳවුරේදී ඉදිකර තිබෙනවා.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ පරිසර අමාත්‍ය දම්මිකගේ සහභාගීත්වයෙන් මෙය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)