02 February 2025


ඉන්දීය අය වැයෙන් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 1,032ක්



2025 වසර සඳහා ඉන්දීය රජයේ අය වැයෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේදී ඉන්දීය අය වැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 245ක මුදලක් වෙන්කළා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවයි.

2025 වසර සඳහා ඉන්දීය අය වැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් විසින්.

(colombotimes.lk)