02 February 2025


හික්කඩුවේදී දියවැලකට හසුවූ මව සහ දියණිය බේරාගනියි



හික්කඩුව නාරීගම වෙරළ තීරයේ දියනෑමට ගිය කාන්තාවක් සහ ඇගේ දියණිය ඊයේ (01) දියවැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.

ඒ එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත උප පොලිස් පරික්‍ෂක දේශප්‍රිය, පොලිස් කොස්තාපල් 94998 ප්‍රේමකුමාර, පොලිස් කොස්තාපල් 99492 කණිෂ්ක, පොලිස් කොස්තාපල් 102748 දිසානායක සහ පොලිස් කොස්තාපල් 105456 ජයසිංහ යන නිලධාරින් විසින්.

පොලීසිය සඳහන් කළේ අනතුරට මුහුණදුන් කාන්තාවට අවුරුදු 42ක් වන අතර ඇයගේ දියණියට අවරුදු 14ක් වන බවයි.

(colombotimes.lk)