16 July 2025

logo

උතුරු ගාසාවට ලැබුණු ආහාර නවතියි



ලෝක ආහාර වැඩසටහන උතුරු ගාසා තීරයට ආහාර බෙදා හැරීම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

ආහාර බෙදාහරිනු ලබන ලොරි රථ ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල වීම සහ ඒවා කොල්ලකෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය ඉරිදා උතුරු ගාසාවට ආහාර රැගෙන ගිය රථ පෙළක් ඉලක්ක කර වෙඩි ප්‍රහාර එල්ල වී තිබුණා.

එමෙන්ම ආහාර රැගත් තවත් ලොරි කිහිපයක් කොල්ලකා එහි රියදුරන්ට පහර දී තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
(colombotimes.lk)