නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ තීරුබදු රහිත දුම්වැටි 11,000ක් සමඟ සැකකරුවෙක් ඊයේ (18) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42ක් වන මැලේසියානු ජාතිකයෙක්.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
(colombotimes.lk)
