මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරිය ඇතුළු නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්.
එලෙස අත්අඩංගුවට ගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරිය සහ එම දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරවරු දෙදෙනක් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
කරුණු සලකා බැලූ විනිසුරුවරිය එක් සැකකරුවෙක් සඳහා රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමටත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීමට අනුමැතිය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)