08 January 2026

logo

උතුරු කොරියානු නායකයාගෙන් පුටින්ට සහතිකයක්



යුක්‍රේන - රුසියා යුද ගැටුම් විසඳීම සඳහා රුසියාව ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට කොන්දේසි විරහිතව සහය දීමට තම රට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ප්‍රකාශ කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් උතුරු කොරියාවේ තෙදින සංචාරයක නිතර වී සිටින බවයි. 

එහිදී දෙරට අතර ඉහළ මට්ටමේ උපාය මාර්ගික සාකච්ඡා පැවැත්වෙන අතරවාරයේදී උතුරු කොරියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 

එමෙන්ම යුක්‍රේනයට එරෙහිව රුසියානු යුද්ධය සඳහා ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා රුසියාවට මිලිටරි සහායක් ලබා දෙන බවද උතුරු කොරියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 


(colombotimes.lk)