කිරි ගවයන් වෙනුවට ඉහළ තත්ත්වයෙන් යුත් ගව ශුක්‍රාණු ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඔහු කියා සිටියේ හොඳම සතුන් ලබාදීම සඳහා ආනයනික ලිංග නිර්ණය කළ ගව ශුක්‍රාණු ආනයනය කර ඒ තුළින් ඉතාමත්ම දියුණු සතුන් 15,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි.
පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවෙන් සතුන් රැගෙනවිත් විශාල විනාශයක් සිදු වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එලෙස රැගෙන ආ ගවයන් ලෙඩ සහිත බවත්, මෙරටට නොගැලපෙන බවත්, ඒ ලෙස ගවයින් ගෙන්වීම තුළින් විශාල අකටයුතුකම් ප්‍රමාණයක්ද සිදු වූ බවයි.
මේ හේතුවෙන් ගවයන් ගෙන එනවා වෙනුවට එම දියුණු සතුන්ගේ තෝරාගත් ශුක්‍රාණු අපේ රටට රැගෙනවිත් මෙරට සතුන්ට උචිත ලෙස කිරි කර්මාන්තය ගොඩනැගීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු කියා සිටියේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරටට ඇදී යන බවද එය අවම කර ගැනීම සඳහා කිරි කර්මාන්තය ඉහළට ඔසවා තැබීම තම ඉලක්කය බවයි.
(colombotimes.lk)