15 July 2025

logo

භාතිය හස්තියාට තවදුරටත් ප්‍රතිකාර



දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා අද (14) අනෙක් පසට හැරවීම සිදු කර තිබෙනවා. 

මහාචාර්ය අශෝක දංගොල්ලගේ උපදෙස් වලට අනුව වෛද්‍ය තරිදු විජේකෝන්, වන ජීවී නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් හා එක්ව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය හස්තියාට ප්‍රතිකාර කිරීමත් සමඟ හස්තියාගේ යම් ක්‍රියාකාරී මට්ටමක් දක්නට ලැබෙන බව පශු වෛද්‍යවරුන් ප්‍රකාශ කළා. 

(colombotimes.lk)